වෙන් කිරීම් හා ගෙවීම් කටයුතු

  • ඉහත සඳහන් කර ඇති පහසුකම් අප සතු වන අතර අධ්‍යක්ෂ නමට ලිපියක් එවීම මගින් හෝ ෆැක්ස් පතක් එවීම මගින් වෙන් කිරීම් කටයුතු සිදු කර ගත හැකිය.
 
  • *** ලිඛිතව ඉල්ලීම් ලිපිය ලැබෙන තුරු වැඩසටහන හෝ නේවාසික වීම සම්බන්ධ වෙන් කිරීම ස්ථිර කරනු නොලැබේ.
          •  
  • *** වැඩසටහන් පැවැත්වීමට දින 10කට පෙර අදාළ වැය ඇස්තමේන්තුවෙන් 50%ක අත්තිකාරමක් ගෙවා වෙන් කිරීම තහවුරු කල යුතුය. එම අත්තිකාරම් මුදල කිසිදු හේතුවක් නිසා නැවත ගෙවීම් කරනු නොලබන අතර ඉදිරි වැඩසටහන් වෙනුවෙන් හිලව් කිරීමක්ද සිදු නොකරනු ලබයි.
 
  • චෙක්පතකින් ගෙවීම් කටයුතු සිදු කරනු ලබන්නේ නම්, 
      • “අධ්‍යක්ෂ – කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනය නමට නිකුත් කල යුතුය.
      • (ගිණුම් අංකය – 1587521 – ලංකා බැංකුව, ගාල්ල.)
       
  • දුරකථන අංකය හා ෆැක්ස් අංකය – 091 2246716
 
 

වෙනත් විශේෂ කරුණු

  • අප ආයතනය මහජන මුදලින් නඩත්තු කරනු ලබන රජයේ ආයතනයකි. එම නිසා අප ආයතනයේ සම්පත් ප්‍රවේශමෙන් පරිහරනය කල යුතුය. දේශණ ශාලා බිත්ති වල පුහුණු වැඩසටහන් වලට අදාල සටහන් හෝ පත්‍රිකා ඇලවීම නොකල යුතුය.
 
  • ඔබ දේශණ ශාලා හෝ නේවාසිකාගාර භාවිතා කිරීමට ප්‍රථම ඒවායේ ඇති උපකරණ නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ ද යන්න පරීක්ෂා කර බලා යම් දෝෂයක් පැවතියහොත් ඒ බව අප ආයතනයේ සම්බන්ධීකාරක නිලධාරී වෙත දැනුම් දිය යුතු අතර ඔබ අතින් ආයතනයේ සවිකර ඇති උපකරණ වලට හා ආයතනයේ සම්පත් වලට යම් හානියක් සිදු වුව හොත් එම අලාභයේ වටිනාකම ඔබ විසින් ගෙවිය යුතු වේ.