2021 වර්ෂය සඳහා පුහුණු අවශ්‍යතා
දකුණු පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ ආකල්ප, කුසලතා හා දැනුම සංවර්ධනය කිරීම සඳහා දකුණු පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනය මඟින් 2021 වර්ෂයට අදාලව පුහුණු වැඩමුළු සංවිධානය කිරීමට සැලසුම්කර ඇත.
ඒ අනුව 2021 වර්ෂය සදහා ඔබ කාර්ය මණ්ඩලයට අවශ්‍ය පුහුණු අවශ්‍යතා හදුනාගෙන ලබා දී ඇති ඇමුණුම් වල සඳහන් උපදෙස් වලට අනුව සම්පූර්ණ කරන ලද පුහුණු අවශ්‍යතා mdtisptn@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයට 2020.12.25 දිනට පෙර එවීමට කටයුතු කරන මෙන් වැඩි දුරටත් දන්වමි.
රට තුල පවතින Covid – 19 තත්ත්වය යටතේ 2021 වර්ෂය සඳහා වූ පුහුණු සම්බන්ධීකරණ නිලධාරී වැඩමුළුව පැවැත්වීමට නොහැකි වූ බැවින් දැනට කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනය සතුව පවතින 2019 වර්ෂයේ ලබාගත් පුහුණු සම්බන්ධීකරණ නිලධාරී තොරතුරු යාවත්කාලීන කිරීමට අවශ්‍ය වී ඇත.
ඒ අනුව 2021 වර්ෂය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පුහුණු සම්බන්ධීකරණ නිලධාරීන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇත. පහත පෝරමයට ඔබ ආයතනයේ පුහුණු සම්බන්ධීකරණ නිලධාරී/ නිලධාරිනිය ගේ තොරතුරු 2021.01.15 දිනට පෙර අනිවාර්යයෙන්ම ඇතුලත් කරන මෙන් කාරුණිකව ඉල්ලමි.
